Highlights
Loading...

හබරකඩ කණිශ්ඨ විදුහල් අවුරුදු උලෙළ


හෝමාගම, හබරකඩ කණිශ්ඨ විදුහල් වාර්ෂික අවුරුදු උත්සවය 2016 අප්‍රේල් මස 05 වන දින විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වින. මෙම කටයුත්ත ගරැ විදුහල්පතිතුමන්ගේ මගපෙන්වීම මත විදුහල් ගුරු මණ්ඩලය විසින් දේමාපියන්ගේ සහයෝගය ඇතිව සංවිධානය කරණ ලදී. 
මෙම දින වල දිවයිනේ පවතින උෂ්ණාදික කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය වසරට වඩා සරලයුරින් මෙවර උත්සවය ඉතා චාම් ස්වරූපයකින් පැවැත්වීමට කටයුතු කළ බව විදුහල්පතිතුමන් සහන් කරන ලදී. 
මේ සඳහා අවුරුදු චාරිත්‍ර බො‍හෝමයක් සංඛෙත වශයෙන් සිසු දරුවන්ගේ නියෝජනය කළ අතර සාම්ප්‍රදායික ජන ක්‍රීඩා රැසක් එක්කරගන්නා ලදී.



පළමුවෙන් සාම්ප්‍රදායික චාරිතනුකූලව අවුරුදු නැකැත් සහිිත නැකැත් සීට්ටුව ගරු විදුහල්පතිතුමන් වෙත පිරි නැමීම.


ඉන් අනතුරුව නොනගත කාලය උදාවූ අතර සුර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමනය වීම මෙසේ සංඛේතවත් විය.


පුසව නැකතට ලිප ගිණිමෙලවීම මේසේ සිදුවිය. එ් සඳහා දෙමාපියන්ගේ සහාය ලැබිණ.


නැකතට ගණුදෙනු කිරීම පුරාණ අවුරුදු චාරිත්‍රයකි. ලිඳ සමග ගනුදෙනු  සිදු වූයේ මේ අයුරිණි.


ගනුදෙනු අවසන් වූ පසු ආහාර අනුභවය සිදුවූ අතර, පියාණන් විසින් තම දරුවන් හට කැවීම මෙසේ සිදු විය.


වැඩිහිටියන් හට බුලත් දීම මෙසේ සංඛේතවත් විය.


අවුරුදු සමයත් සමග නෑගම් යාම සුලභ දසුනකි. විදුහල් දරුවන් කදමලු බැඳගන නෑගම් ගියේ මේ අයුරිණි.


අලුත් අවුරුද්ද සඳහා ස්නාය කිරීමට පෙර නැකතට හිසතෙල් ගෑම පුරාණ සිරිතකි. ප්‍රදේශයේ වැඩිහිටියෙකුගේ ආශීර්වාදය ඇතිව දරුවන්ගේ හිස තෙල් ගැල්වූයේ මේ අයුරිණි.


අවුරුදු සමයත් සමග රබනුසුරල් වැයීම අතීතයේ වඩාත් ජනප්‍රිය විය. එම සුන්දර අත්දැකීම පාසල් දරුවන් ලබාගත්තේ මේ අයුරිණි.


කුඩා දරුදැරියන් සඳහා පැවැත්වූ බීම බීමේ තරඟය ඔවුනට මහත් ආශ්වාදයක් ලාබදුන්නේය.



පළමු වසරේ දරු දැරියන් සඳහා පැවැත්වූ බැලුම් පිපිරවීමේ තරඟය වඩාත් තරඟකාරී විය.


අවුරුදු සමයේ අපට සිහිපත් වන ඉතා ජනප්‍රිය ක්‍රීඩාවකි කණා මුට්ටිය බිඳීමේ තරගය.  ජයග්‍රහණය අසලටම පැමැණි සිසුවියට ජයග්‍රණය අහිමි වූ මොහොතක්.


අතරිපතර එක් වූ නැටුම් ගැයුම් උලෙළට එක්කළේ මහත් ආලෝකයකි.



සිඟිති අවුරුදු කුමරා සහ කුමරිය කාගේත් සිත්ගත් ඉසව්වක් විය. ඉන් හබරකඩ කණිශ්ඨ විදුහල් අවුරුදු උලෙළට මහත් අලෝකයක් ලැබිණ. 




0 comments:

Post a Comment

Copyright © 2015 Curious NEWS Primary - All Right Reserved
Designed by - Curious Members -
Back To Top