Highlights
Loading...

තනි පද


අග සිට මුල දක්වා අඩුවන ආකාරය - ප්‍රතිලෝම
අත් සයක් ඇත්තෝ - සවන්
අතින් ම කරන ලද   - අත්කම් 
අධික ලෙස මත්පැන් පානය කරන්නා - බේබද්දා
අන් අයට යටත්ව සිටීම - පරාධීන
අනුන් කරන දේ බලා තමාද එය කිරීම - අනුකරණය
අනුන් ගැන සිතන්නා - පරාර්ථකාමියා
අනුන්ගෙන් පෝෂණය වන - පරපෝෂිත
අනුන්ගේ ගුණ වර්ණා කරන්නා - වන්දිභට්ටයා
අනුන්ගේ සැප සම්පත් බලා අසතුටුවීම - ඊර්ෂ්‍යාව
අඳුර වැටී රෑ බෝවන වෙලාව - ගොම්මන
අපරාධයක් කිරීමට රහසේ කරන සාකච්ඡාව - කුමන්ත්‍රණය
අලුතින් රටවල් සොයාගන්නා - දේශගවේෂක
අවවාද දෙන තැනැත්තා - අනුශාසක
අවුරුදු 10ක කාලය - දශකය
අශ්වයා පිට ගමන් කරන්නා‍ - අසරැවා
අශ්වයාගේ නාදය - හේෂාවරය
අහසත් මුහුදත් එකට එකතුවන සේ පෙනෙ‍න ස්ථානය - සිතිජය
අ‍හසේ හැසිරෙන - ආකාශචාරී
ආහාර ගැනීමට තද ආශාවක් ඇති - කෑදර
ආහාර පානාදියෙන් වැළකී සිටීම - උපවාසය
ආහාර හිඟ කාලය - සාගතය
ඇතාගේ නාදය - කුංචනාදය
ඇඳුම් මසන්නා - සන්නාලියා
ඇස් වලට ප්‍රතිකාර කරන රෝහල - නයනාරෝග්‍යශාලාව
ඇසින් දැකිය හැකි - දෘශ්‍යමාන
ඇසෙහි ගාන ආලේපය - නයනාලේපය
ඇළ, දොළ වල ඇති ජලය - මිරිදිය
ඇළකින් එගොඩවීමට ඇති ලීය - ඒදන්ඩ
ඈත ඇති දේවල් පැහැදිලිව බලන උපකරණය - දූරේක්ෂය
ඉතා අඩු ඇසු විරූ දේ ඇති - අල්පශෘත
ඉතා වේගයෙන් ධාවනය වන - සීඝ්‍රගාමී
ඉතා සුළු මොහොතකින් - ක්ෂණික
ඉබාගාතයේ ඇවිදින  - රස්තියාදු
ඉබේ ක්‍රියාකරන - ස්වයංක්‍රීය
ඉබේම සිදුවන සිදුවීම - ස්වයංසිද්ධිය
උපසම්පදා නොවූ භික්ෂුව - සාමනේර
උයන් මුරකරන්නා - උයන්පල්ලා
උස් බිමක ඇති තැනිතලා බිම - සානුව
උසට සරිලන මහත ඇති - ආරෝහපරිනාහ
උසස් කුලයට අයත් - කුලීන
උසාවියක නඩු විසඳන තැනැත්තා - විනිශ්චයකරු
උසාවියේ වරදකරුවන් වූවන් එල්ලා මරාදමන තැනැත්තා - අලුගෝසුවා
එක් පක්ෂයකට බරව කටයුතු කරන - පක්ෂග්‍රාහී
එකම කාලය තුල පැවති - සමකාලීන
එම කාලයට අයත් - තත්කාලීන
ඔටුනු පැලදවීමේ උත්සවය - ‍මෞලි මංගල්‍යය
කටට ආ දේ කියන - වාචාල
කටින් කට පැවතෙන කියුම් - -     ජනප‍්‍රවාද
කතා කිරීමෙහි දක්ෂ - චතුර 
කථා කිරීමේ ඇති හැකියාව - කථිකත්වය
කන් නොඇසෙන  - බිහිරි
කන් පිනවන - කන්කලු
කන්දක් මැදින් වටවී ඇති දුෂ්කර පාර - ගිරිදුර්ගය
කලාවට ලැදි - කලාකාමී
කවි තැනීමට නොහැකි - කුකචි
කළ ගුණ නොසලකන - අකෘතඥ
කාණ්ඩය කපන්නා - කරණවෑමියා
කාන්තාරයේ ඇති සාරවත් බිම් කොටස - ක්ෂේමභූමිය
කාලයට ඉතාමත් සුදුසු - කාලෝචිත  
කැඩීබිඳී ගොස් ඉතිරි වූ කොටස් - නටඹුන්
කැඩුණු බිඳුණු දෙයක් යළි සැකසීම - ප්‍රතිසංස්කරණය
කැලෑවේ හටගන්නා ගින්න - ලැව්ගින්න
කෑම උයන්නා - අරක්කැමියා
කියන දේ නොපිළිපදින - අකීකරු
කිරි බී වැඩෙන  - ක්ෂීරපායි
කිසි ආඩම්බරයක් නැති - නිහතමානී
කිසිදා නොමැරෙන - අමරණීය
කිසිදා නොමැරෙන - අජරාමර
කිසිම ආයුධයක් නැති - නිරායුධ
කිසිම ලෙඩක් නැති - නීරෝගි
කිසියම් සමිතියකට බැඳී සිටින අය - සාමාජික
කිසිවකටත් දෙවනි නොවන - අද්විතීය
කිසිවෙකුටත් හින්සාවක් නොකරන - අහිංසක
කුඩාදෙය ලොකුකර බලන උනකරණය - අන්වීක්ෂය
කුඩාම ප්‍රමාණය - අවම
කුමන හෝ ස්ථානයක තනිව හැසිරෙන්නා - ඒකචාරියා
කුඹුරක ලියද්දකින් ජලය බසින තැන - වක්කඩ
කුළියක් නොගෙන ගෙිවිතැන් වැඩ වලට එකිටනකා උදව්කිරීම - අත්තම
කෙනෙකු කළ සේවයට ගරු කිරීම - උපහාරය
කෙනෙකු මියගොස් නැවත ඉපදීම - පුනරැත්පත්තිය
කෙළෙහි ගුණ සලකන - කෘතවේදී
ගඟක් මුහුදට වැටෙන ස්ථානය - මොය
ග‍ඟෙන් මිනිසුන් එගොඩ මගොඩ කරන්නා - තොටියා
ගණිතය සම්බන්ධයෙන් පර්යේෂන කරන්නා - ගණිතඥයා
ගනුදෙනු කාරයන් අතර සිට ලාභ ලබන අය - තැරැව්කරුවන්
ගමනක් යාමේදී උවමනා කරන ද්‍රව්‍ය - මාර්ගෝපකරණ
ගමෙහි වාසය කරන්නා - ගැමියා
ගලින් කරන ලද - ශෛලමය
ගවයන් බලාගන්නා තැනැත්තා - ගොපල්ලා
ගස මැද තිබෙන තද කොටස - අරටුව
ගස් වලින් පිරැන ප්‍රදේශය - වතුගුම්බය
ගසක අතු බෙදෙන තැන - දෙබල
ගසක අතු බෙදෙන තැන - දෙබල
ගසක ඵල නෙඑන කාලය - අවාරය
ගිහිගෙය හැරයාම - අභිනික්ක්‍රමණය
ගෙයක් සෑදීමට සකස් කළ බිම් කොටස - ගෙපල
ගොයම් කපාගත් පසු කුඹුරේ ඉතිරි වන කොටස - ඉපනැල්ල
ජනතාව බහුල වශයෙන් සිටීම - ජනාකීර්ණ
ජනයා වාසය කරන ප්‍රද්ශය - ජනාවාසය
ජලය නැති කාලය - ඉඩෝරය
ජලය නොමැති - නිරුදක 
ජලයෙන් වටවු කුඩා භූමිය - දූපත
ජීවිතය ඇති තාක් කල් - යාවජීව
ජීවිතය ගැන අනාවැකි කියන්නා - දෛවඥයා
තද අව්ව ඇති විට පොළව මතුපිට ජලය මෙන් පෙනෙන්න තිබෙන චායාව - මිරිඟුව
තමන් ගැන පමනක් සිතන්නා - ආත්මාර්ථකාමියා
තමන්ගේ දේශයට ඇති ආදරය - දේශානුරාගය
තමන්ගේම ආරක්ෂාව - ආත්මාරක්ෂාව
තමා අවට ප්‍රදේශය - පරිසරය
තමා උපන් රට - මව්බිම
තමා සතු දේ දීමට අකමැති - මසුරු
තමාට අවශ්‍ය දේ තමාම නිපදවන - ස්වයන්පෝශිත
තල්ලෙන් උපන්   - තාලූජ
තවත් කොනකුගේ පිහිටෙන් ජීවත්වන - පරපෝශිත
තාපසයන් වාසය කරන ස්ථානය - අසපුව
තාපසයන් වාසය කරන ස්ථානය - අසපුව
තීන්දුවක් දුන් නඩුවක් නැවත විභාග කරන ලෙස ඉල්ලීම - අභියාචනය
තේරුම් ගැනීමට ඉතා අමාරු - ගැටළු
දකුණු අත - සුරත
දැවදඬු වලින් භාන්ඩ සාදන්නා - වඩුවා
දැවයෙන් කරන ලද - දැවමුවා
දෑසම නොපෙනෙන තැනැත්තා - අන්ධයා
දිනපතා පැවැත්වෙන - දෛනික
දිය පිරී ගිය මඩවගුර - වතුරාව
දියගොඩ දෙකෙහිම ජීවත්වන - උභයජීවී
දියෙහි උපන් - ජලජ
දියෙහි හැසිරෙන - ජලචර
දිරාගිය කිළිටි ඇඳුම් - වැරහැලි
දිවි ඇති තාක් - යාවජීව
දිශාව හඳුනාගැනීමේ උපකරණය - මාලිමාව
දුටුවන් බියට පත්කරන - බියකරු
දුරදිග බලා කටයුතු කිරීම - දූරදර්ශී
දෙකෙන් බෙදිය නොහැකි සංඛ්‍යා - ඔත්තේ
දෙකෙන් බෙදිය හැකි සංඛ්‍යා - ඉරට්ටේ
දෙමව්පියන්ගෙන් ලැබෙන ඉඩකඩම් හා ධනය - බූදලය
දෙව් මිනිසුන් සහිත - සනරාමර
දෙවතාවක් උපත ලැබූ - ද්විජ
දෛවය ගැන අනාවැකී කියන්නා - දෛවඥයා
දොලොස් මසකට වරක් - වාර්ෂික
ධර්මානුකූලවකටයුතු කරන්නා - ධර්මිෂ්ඨ
නගරයට අධිපති - නගරාධිපති
නගරයෙන් මදක් දුරින් වූ ගම - පසල්ගම
නගරයෙහි වාසය කරන්නා - නාගරිකයා
නළලට වැටෙන කෙස් රොද - කියඹු
නැව් නවතා තබන ස්ථානය - වරාය
නැවක් පදවන්නා - නැවියා
නැවත නැවත ඇතිවන නාදය - ප්‍රතිනාද
නැව්වල බඩුවලට බදු අය කරන ස්ථානය - රේගුව
නිදාගැනීමට ඇති කාමරය - සයනාගාරය
නිදි නොලබා අවදියෙන් සිටීම - නිදිවැරීම
නින්දට කැමති - නිද්‍රාශීලී
නිරතුරු කතා කරන - දොඩමළු
නිලයක් දරන තැනැත්තා - නිලධාරියා
නිවස අවට පදිංචි වී සිටින අය - අසල් වැසියෝ
නිවසක හිමිකරුවා - ගෙහිමියා
නීතිය ඉගෙනගත් තැනැත්තා - නීතීඥයා
නීතියට ගරු කරන - නීතිගරුක
නෙත් පිනවන - නෙත්කලු
නොකැඩී දිගටම පවතින - අඛන්ඩ
නොනැවතී එක දීගට ගලා යන - අනවරත
නොයෙක් දේශවල සංචාරය කරන්නා - දේශාටකයා
පංච ඉන්ද්‍රීයන්   - පසිඳුරන් 
ප්‍රගතියට යාමට කැමති - ප්‍රගතිශ්‍රීලී
පරපුරෙන් පරපුරට පැවත එන - පාරම්පරික
ප්‍රමාණය කළ නොහැකි - අපරිමිත
ප්‍රමාණය කළ නොහැකි - අපරිමිත
ප්‍රශ්ණයක් මතු වූ  විට ජනතාව නගන හඩ - උද්ඝෝෂණය
පවුලක උපන් පළමු දරුවා - කුළුඳුල්
පවුලක බාලයා - බඩපිස්සා
පවුලක මුලින්ම උපන් - කුළුඳුල්
පසුපස එළවා යෑම - ලුහුබැදීම
පහත් කුලයට අයත් - කුලහීන
පා නොමැති - අපා
පාගන ලද ගොයම - මැඩවුම
පාද ගොඩක් ඇති - බහුපා
පාද දෙකක් ඇති - දෙපා
පාද හතරක් ඇති - සිව්පා
පාර පෙන්වන්නා - මාර්ගෝපදේශකයා
පාර වැරදුන - මංමුලාවූ
පාර සොයා ගැනීමට නොහැකි - මංමුළා
පාරවල් තුනක් එකට එකතුවන තැන - තුන්මංසල
පාරවල් හතරක් එකට එකතුවන තැන - සිව්මංසල
පැයක කාලය - හෝරාව
පැයක කාලය   - හෝරාව
පැරණි යුගයට අයත් - පෞරාණික
පියා මැරූ තැනැත්තා - පීතෘඝාතක
පුරා වස්තු තැන්පත් කර ඇති ස්ථානය්‍ - කෞතුකාගාරය
පුස් කොළයේ අකුරු ලිවීමට භාවිතාකරන දෙය - පන්හිඳ
පෙති සියයක් ඇති   - සියපත්
පොත් ගබඩා කරන ස්ථානය - පුස්තකාලය
පොත්පත් ආදිය ලියන තැනැත්තා - ලේඛකයා
පොත්පත් කියවන අය - පාඨකයෝ
පොත්පත් කියවන්නා - පාඨකයා
පොළව පාලනය කරන - භූපල්
පොළොව යටින් යන මග - උමග
පොළොවේ ඛනිජ වර්ගඇති ස්ථානය - නිධිය
බඩගාමින් යන සත්තු  - උරග 
බත් සමග ආහාරයට ගන්නා එළවළු, මාළු - ව්‍යාංජන
බය උපදවන්නා වූ - බියජනක
බලයට ඉතා කමැති - බලකාමී
බලවත් සතුටක් ඇති‍්‍කරන - ආනන්දජනක
බලාපොරොත්තු කඩ වීම - ඉච්ඡාභංගත්වය
බලා‍පොරොත්තු නොවු කරදරයකට මුහුණ දීමට සිදුවීම - අකරතැබ්බය
බැගෑපත්ව කරන ලබන ඉල්ලීම - ආයාචනය
බැතවල ඇති බොල් - කාටුව
බිත්තරයෙන් උපන් - අණ්ඩජ
බිය උපදවන සුළු - බියජනක
බීජ පැළ කර ගැනීමට තනන ස්ථානය - තවාන
බුද්ධත්වයට පෙරුම් පුරන තැනැත්තා - බෝධිසත්ව
බුදු කෙනෙකුන් නැතිව ගෙවෙන නරක කාලය - අබුද්දස්සකාලය
බොහෝ ඇසූ පිරූ තැන් ඇති - බහුශුත
බොහෝ කාලයක් පවතින - චිරාත්
බොහෝ දුර කල්පනා කරන - දූරදර්ශී
මගීන්ට පහර දී ඔවුන් සතු දේ උදුරා ගැනීම - කොල්ලකෑම
මඩහි උපන් - පංකජ
මත්පැන් පෙරන ස්ථානය - ස්කාගාරය
මද වේගයෙන් යන - මන්දගාමී
මනා පෙනුමකින් යුත්  - කඩවසම්
ම්පූර්ණයෙන් වසා දමන ආවරණය - පිරිවැස්ස
මරටින් විදේශ වලට යවන - අපනයන
මරණයට කැපවූවෙක් නිදහස්  කිරීම - අභයදානය
මල් හට නොගන්නා   - අපුෂ්පක 
මසුන් අල්ලා ජීවත් වන්නා - ධීවරයා
මහන වී සිට සිවුරැ අරින ලද - උපවැදි
මළ අයකුගේ සිරුර පොළොවේ වැළලීම - භූමිදානය
මළ අයෙකුගේ සිරුර පිළිස්සීම - ආදාහනය
මළ සිරුරක් දැවූ පසු ඉතිරිවන අළු - භෂ්මාවශේෂ
මළ සිරුරු දවන ස්ථානය - ආදාහනාගාරය
මාංශ අනුභව කොට ජීවත් වන - මාංශභක්ෂික
මාංශ හා ශාක දෙවර්ගයම අනුභව කොට ජීවත් වන - සර්වභක්ෂික
මාර්ගයෙහි ගමන් ගන්නා  - මගියා
මැටි කර්මාන්තයේ යෙදුනු - කුඹල්
මෑ බෝංචි වර්ග ඇතුලත් ශාක කුලය - රනිල
මිතුරනට විරුද්ධව ක්‍රියාකිරීම - මිත්‍රද්‍රෝහී
මිළ කළ නොහැකි - අමිල
මුල සිට අග දක්වා වැඩිවන ආකාරය - අනුලෝම
මුලින්ම ගෙඩි හටගත් - නෑඹුල්
මුහුද පතුලේ ඇති ගැඹුරු ම විශාල ප්‍රදේශය - ආගාධය
මුහුදෙහි ඇති ජලය - කරදිය
මෙරටට ගෙන එන - ආනයන
මොණරාගේ නාදය - කේකරාවය
මෝටර් රථයක් පදවන්නා - රියදුරා
යකඩින් කරන ලද - අයෝමය
යකඩින් කරන ලද - අයෝමය
යකඩින් සාදා ඇති දම්වැල - යදම
යකඩින්ම කරන ලද දොර - යදොර
යම් අසනීපයක ඔරොත්තු දිය හැකි බලය - ප්‍රතිශක්තිය
යම් ආගමක් මුලින්ම ලොවට දේශනාකළ තැනැත්තා - ශාස්තෘවරයා
යම් ක්ෂේත‍්‍රයකට අලූතින් එකතු වන්නා - ආධුනිකයා 
යමක් ගැන ගැඹුරින් තොරතුරු සෙවීම - ගවේෂණය
යමක් දැන ගැනීමේ ආශාව - කුතුහලය
යමක් දැන ගැනීමේ ආශාව - කුතුහලය
යමක් නැවත අලුත් වැඩියා කිරීම - ප්‍රතිසංස්කරණය
යමක් හෝ යම් සිද්ධියක් සිහිවීම පිණිස තනා ඇති දෙය - ස්මාරකය
යමෙකු උපන් භූමිය   - නිජබිම
යුද්ධයට කැමති - රණකාමී
යුද්ධයට යන තැනැත්තා - සෙබලා
යුද්ධයේදී අඳින ලෝහමය ආවරණය - සන්නාහය
රඟපාන තැනැත්තා - නළුවා
රඟපාන තැනැත්තිය - නිළිය
රජ කෙනෙකු නොමැති කාලවකවානුව - අරාජක
රජයට ගෙවිය යුතු බදු - අයබදු
රජයට විරුද්ධව ක්‍රියාකිරීම - රාජද්‍රෝහී
රජු හිඳගන්නා පුටුව - සිංහාසනය
රටක ප්‍රධානතම නගරය - අගනුවර
රටක් බලයෙන් අල්ලා ගැනීම - ආක්‍රමණය
රටකින් තවත් රටකට යෑම - සංක්‍රමනය
රත්ත්‍රරන් වලින් කරන ලද - රන්මුවා
රන් රිදී බඩු සාදන්නා - රන් කරුවා
රාත්‍රියෙහි හැසිරෙන - නිශාචර
රිදියෙන් කරන ලද - රිදීමුවා/ රිදීමය
ලංකාවට අයත් - ලාංකික
ලී වලින් කරන ලද - දැවමය
වනයෙහි හැසිරෙන - වනචාරි
ව්‍යාපාරයට යොදන මුල් මුදල - ප්‍රාග්ධනය
වස්තුව බොහෝ ඇති - ධනවත්
වැඩක් පලක් කිරීමට අලස   - කම්මැළි
වැඩකට නොමැති හිස් බස් - ප්‍රලාප
වැඩපල ඉතා අධික - කාර්ය බහුල
වැඩිම ප්‍රමාණය - උපරිම
වැවල ජලය බැසයාමට ඇති ස්ථානය - සොරොව්ව
විද්‍යාත්මක පරීක්ෂණ පවත්වන ස්ථානය - රසායනාගාරය
විදුහලක ප්‍රධානියා - විදුහල්පති
වියදම් අඩුකර ගැනීම - අරපිරිමැස්ම
වියළී ගිය ගොයම් ගස් - පිදුරු
විවාහ නොවූ - තනිකඩ
විවාහ වී දරුවන් නොලද ස්ත්‍රිය - වඳකත
විවාහයට පත්නොවූ කාන්තාව - මෙනවිය
විස්තර කැටි කර දැක්වීම - සාරාංශය
විස්තර කැටිකර දැක්විම - සාරාංශය
විසඳීමට අමාරු ගැටළුව - ප්‍රහේළිකාව
වීදුරුවෙන් කළ - වජ්‍රමය
වෙනත් දේශයකට අයත් - විජාතීය
වෙනස් නොවන - ස්ථිර 
වේගයෙන් හමන සුළඟ - සුළිසුළඟ
ශරීරයේ ගල්වන සුවඳ දෑ - විලවුන්
ශාක අනුභව කොට ජීවත් වන - ශාකභක්ෂික
ශාක පත්‍ර වලින් ජලය පිටවීම - උත්ස්වේදනය
ශුභ වේලාව - නැකත
සඟවා ඇති රන්රිදී මුතු මැනික් ආදී වසිතුව - නිධානය
සතුට උදෙසා දෙන තෑග්ග - පාරිතෝෂිතය
සතුට ගෙනෙනආරංචිය - ශුභාරංචිය
සතුන් පැමිණීම වැලැක්වීමට හේන වටා බඳින වැට - දඬුවැට
සතුන් බලා ගන්නා තැනැත්තා - එ‍ඬේරා
සඳ නොමැති රාත‍්‍රිය - අමාවක
සපත්තු මසන්නා - සපතේරුවා
සභාවක මූලාසනයේ සිටින තැනැත්තා - සභාපති
සමාජයට කැමති - සමාජශීලී
සමිතියක මුදල් භාරව සිටින තැනැත්තා - භාණ්ඩාගාරික
සවන් දෙන්නා - ශ්රායවකයා
ස්වාමියා මළ ස්ත්‍රිය - වැන්දඹුව
සහමුලින්ම උපුටා දැමීම - මූලෝත්පාඨනය
සාමයට කැමති - සාමකාමී
සැමට අයිති - පොදු
සැමදාම කොළපාට ගෙන තිබෙන - සදාහරිත
සැමදාම පවතින - සදාකාලික
සෑම අයුරින්ම නිදහස් - ස්වෛරී
සිත් පිනවන - සිත්කලු
සිතූ පැතූ සම්පත් දෙන මැණික - සිතුමිණ
සිතෙහි ඇතිවන බලවත් ආශාව - මනදොළ
සිනාව උපදවන්නා වූ - හාස්‍යජනක
සියල්ල දන්නා වූ - සර්වඥ
සියල්ලම මරා දැමීම - සමූහඝාතනය
සියලු දේ දන්නා - සර්වඥ
සියළුම ආගම්වලට අයත් - සර්වආගමික
සියළුම පක්ෂ වලට අයත් - සර්වපාක්ෂික
සුබෝපභෝගයෙන් තොර - නිරාමිෂ
සුරාවට බොහෝ ආසාකරන - සුරාසොඬ
සුව කිරීමට අපහසු   - අසාධ්‍ය
සුළු කාලයකට අයත් - තාවකාලිකබො
සේනාවක  සිටින ප්‍රධානියා - සේනාධිනායක
හැම දෙනාගේ කැමැත්තෙන් - ඒකඡන්දයෙන්
හිතුවක්කාර ලෙස ක්‍රියා කිරීම - අත්තනෝමතික
හිරු උදාවට පෙර දැකිය හැකි ආලෝකය - අරුණළු
හිස නැති මළ කද - කවන්ධය
හොර බොරු වංචා නොකරන - අවංක
හෝදුර සිතා මතා කටයුතු කරන - දූරදර්ශී

0 comments:

Post a Comment

Copyright © 2015 Curious NEWS Primary - All Right Reserved
Designed by - Curious Members -
Back To Top