Highlights
Loading...

'ක්ලෝගාඩ්' දත් කුහර වලින් තොර රටවැසියන් පිරිසක් බිහිකිරීමේ ජාතික වගකීම ඉටුකිරීම වෙනුවෙන් පෙරමුණට .....


2014 අගෝස්තු මස 6 වෙනිදා - මුඛ සෞඛ්‍යාරක්ෂක නිෂ්පාදනයක් ලෙසින් මෙරට ජනතාවගේ විශ්වාසය දිනාගත් ක්ලෝගාඩ් දත් කුහර වලින් තොර රටවැසියන් පිරිසක් බිහිකිරීමේ ජාතික වගකීම ඉටුකිරීම වෙනුවෙන් පෙරමුණ ගෙන ඇත.



ශ්‍රී ලංකාවේ සීග්‍ර ව්‍යාප්තියක් ඇති මුඛ සෞඛ්‍ය ගැටළු අතර වැඩි වශයෙන් දක්නට ලැබෙන දත් කුහර සඳහා පිලියම් ලෙසින් යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු සමඟින් දන්ත රෝග වලින් ආරක්ෂා වීම සඳහා පාසල් හා පෙර පාසල් දරුවන් දැනුවත් කිරීම ක්ලෝගාඩ් විසින් දියත් කරන මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණයි. 


එම අරමුණ පෙරදැරි කෙටගෙන,ලාංකීය ජනතාවගේ මුඛ සෞඛ්‍ය අවශ්‍යතා මනාව හඳුනාගත් ශ්‍රී ලාංකීය මුඛ සෞඛ්‍යාරක්ෂක සන්නාමයක් ලෙස 'ක්ලෝගාඩ්' ලාංකීය අනාගත පරපුර දැනුවත් කීරීම සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වී ඇත.


2016 වර්ශය තුළදී පාසල් හා පෙර පාසල් ගණනාවක් මෙම වැඩසටහන සමඟ අත්වැල් බැඳගෙන ඇති අතර එම වැඩසටහනෙහි තවත් පියවරක් ලෙස ජුනි මස 25 වන දින හෝමාගම, හබරකඩ, හබරකඩ කනිටු විද්‍යාලයේ සිසු දරුවන් මූලික කොට ගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.


සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම වාර්ථා අනුව පාසල් ළමුන්ගෙන් 50% ක් මුඛ රෝග වලින් පෙළෙන අතර, ඔවුන්ගෙන් 60% ක් අවුරුදු 5 ත් 6 ත් වයස් කාණ්ඩ නියෝජනය කරයි. අවුරුදු 15 - 18 අතර වයස් කාණ්ඩ වල බොහෝ පාසල් දරුවන් දත් දිරායාමේ හා විදුරුමස් රෝග වලින් පෙලේ.


මෙම තත්වයට ප්‍රධාන හේතුව ලෙස සොයාගෙන ඇත්තේ පාසල් හා පෙර පාසල් දරුවන් අධික හා අක්‍රමවත් ලෙස සීනි සහිත ආහාර පාන පරිභෝජනය කිරීම සහ නිවැරදි දත් මැදීමේ ක්‍රමවේදයන් අනුගමනය නොකිරීමයි.

මෙයට පිළියමක් ලෙස ක්ලෝගාඩ් වෙතින් පාසල් දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ක්ලෝගාඩ් ජංගම දන්ත සායන මධ්‍යස්ථාන උපයෝගී කොටගෙන දරුවන්ගේ දත් පරීක්ෂාවට ලක්කිරීම සිදුකරයි.

සෞඛ්‍ය අංශ පෙනවා දෙන අන්දමට දත් කුහර මුල් අවදියේදී හඳුනා ගනිමින් එයට පිළියම් යෙදීමෙන් එය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමත්, දැනුවත් කිරීම් තුළින් දත් කුහර සෑදීම වළක්වා ගැනීමෙනුත් ශ්‍රී ලාංකීය අනාගත පරපුර දන්ත රෝග වලින් තොර රටක් බවට පත්කර ගතහැක. එම සමාජමය වගකීමට උරදීමක් ලෙසට අංක 1 ලාංකේය දන්තාරක්ෂකයා වන ක්ලෝගාඩ් මූලික වී මෙම දීපව්‍යාප්ත වැඩසටහන කරගන යනු ලබයි.   













Next
This is the most recent post.
Older Post

0 comments:

Post a Comment

Copyright © 2015 Curious NEWS Primary - All Right Reserved
Designed by - Curious Members -
Back To Top