Highlights
Loading...

ධීවර ජන වහර



අයිස් වාඩිය
- ගොඩබිමේදි ධීවරයින් විවේක ගන්නා ස්ථානය
ඉර බලනවා
- ඉර පායන වේලාව
ඊයත්තු බැලීම
- සුළං හමන දිශාව බැලීම
කණු කුලිය
- මුහුදේ වාඩිවී සිට මසුන් ඇල්ලීමට භාවිතා කරන කණුවේ අයිතිකරැට ගෙවන 
කන මුහුද
- වෙරළේ සිට සැතපුම් බාගයක පිහිටි මුහුදු තීරැව
කළු / ගොළු මුහුද
- ගැඹුරැ මුහුද
කොළ මුහුද
- වෙරලේ සිට සැතපුමක් දුරින් වූ මුහුදු තීරැව
කෝඩි සුළං
- ගොඩ සුළං
ගඟුලාව
- වැස්ස
දැල්ලො ගාන්න යනවා
- දැල්ලන් අල්ලන්න යනවා
දිය අත
- මුහුදු රළ ගමන් කරන දිශාව
දියඹ
- මුහුද
දුවන්න යනවා
- ඔරු පදිනවා
නිල් මුහුද
- වෙරලේ සිට සැතපුම් තුනක් පමන ඈත මුහුද
පඩිනඩි
- වැටුප්
පන්න කරනවා
- මසුන් අල්ලනවා
පාන
- ප්‍රදීපාගාරය
පින් සල්ලි
- ආගමික කටයුතු සඳහා‍ වෙන්කරන මුදල්
පුලුක්කන
- මාදැල් හෙලීමට සුදුසු මුහුද නිසල කාලය
පෙරකඩ
- ඉර බැසීමෙන් පසු එළඹෙන කාලය
බල පන්නට යනවා
- බලයන් ඇල්ලීමට යනවා
බාදිය
- මුහුදු මට්ටම පහත යාම
මලයමට හිටිනවා
- දවල් කාලයේ මුහුදු යාම
මා ඉක්කන්
- සවස් කාලයේ මුහුදු යාම
මාරියාව
- වාරකන් කාලයේදී හෝ කුනාටු සහිත වැසි අවස්ථාවේ මුහුදේ ඇතිවන දරුණු රැලි
මාළුකෙත / මාළුඉසව්ව
- මසුන් බහුල ප්‍රදේශය
මුහුදු කනු
- මුහුදේ වාඩිවී සිට මසුන් ඇල්ලීමට භාවිතා කරන කණු
රැවල උඩදීම
- රුවල එසවීම
රිටිපන්න ධීවරයා
- මුහුදේ සවිකළ කණුවක් මත වාඩිවී සිට මසුන් අල්ලන්නා
ලෙල්ලම
- මාළු විකුණන ස්ථානය
වඩදිය
- ස‍‍ඳහි ගුරුත්වාකර්ෂණය හේතුවෙන් මුහුදු මට්ටම ඉහලයාම
වල් කොළ
- දියඹේ පිහිටි ගල් පර්වත
වලාලාය
- මුහුදේ රළු බව අඩුවී සාමාන්‍ය තත්වයට පත්වීම
වාරකන්
- මුහුදු රළ වැඩි කාලය
ස‍ඳ බලනවා
- ස‍ඳ පායන වේලාව
සිප්පමා
- කරවල වේලන්නා
සුරාවලිය
- දිය වැල
හරස්කඩ
- ඉර උදාවට පෙර පෙනෙන ආලෝකය









ඔරු පිලාව
- තනි පුද්ගලයෙකු විසින් පදින රුවලක් හෝ කොල්ලෑවක් නැති කුඩා ඔරුවකි
ඇනොරා
- තනි පුද්ගල‍යෙකු විසින් පදවන ඇම සඳහා ඉඟුරන් ඇල්ලීමට භාවිතා කරන ඔරුව
පාරුව / වල්ලම / දැල්ඔරුව-

මාදැල් වැනි උපකරණ මුහුදට ගෙන යන කොල්ලෑවක් සහිත පළල් ඔරුවකි
බල ඔරු

බලයන් ඇල්ලීමට යන්නා වූ විශාල ඔරු
මහ ඔරු

ඈත මුහුදේ විශාල මාළු ඇල්ලීමට භාවිතා කරන ඔරු
ගොඩ ඔරු
- ආදුනික ධීවරයන් නොගැඹුරැ මුහුදේ මාළු ඇල්ලීමට භාවිතා කරන ඔරු
තෙප්පම

නොගැඹුරැ මුහුදේ මසුන් ඇල්ලීමට යොදා ගන්නා රැවල් නොමැති ඔරුව
කාල්ලෑව
- ධීවර යාත්‍රාවේ සමබරතාවය රැක ගැනීමට උපකාරී වන යාත්‍රාවට පිටතින් 



සවිකර ඇති කොටස 
වියල

ඔරුවේ ඉදිරිපස හබල් දෙක
අවල

ඔරුවේ පසුපස හබල් දෙක
ඇණිය

ඔරුවේ ඉදිරිපස කොටස
ගොයියා

රුවල
හැන්

කුඹ ගස





ලබුකැටය
- වතුර ගෙන යාමට ගන්නා භාජනය
ජාලය
- මසුන් අල්ලන දැල
දියාළුව
- යාත්‍රාව තුළට එන ජලය ඉවත් කරන උපකරණ
ගොඩදැල
- ගොඩබිම ආසන්නයේ මාළු ඇල්ලීමට ගන්නා කුඩා දැල
බිලිය
- බිලී කොක්ක
කරක් ගෙඩිය
- මසුන් කොටුකර ගැනීමට භාවිතා කරන කූඩයක් වැනි උපකරණය
මාං තඩිය
- අල්ලා ගත් මසුන් මර්දනය කිරීමට යොදා ගන්නා පොල්ල
මුහුදු ලාම්පු
- අව්වට වැස්සට සුළ‍‍ඟට ඔරොත්තු දෙන ලාම්පු විශේෂයකි
මරුවැල
- බිලී කොකු කිහිපයක් සවිකළ යොත
ඇවුළුම් බිලිය
- අල්ලා ගත් මසුන් යාත්‍රාව තුළට ඇඳ ගැනීමට භාවිතා කරන උපකරණය
මඩිය
- මාදැලේ මාළු එකතුවන කොටස
පල්ලේ මඩිය
- මුහුදු රැල්ලෙන් විසිවන මසුන් එකතුවන මාදැලේ කොටස
කන්කලේ
- මඩියේ ගැට්ට
පිල්ලෑ වීදිය
- දැලේ උඩ කෙලවර එල්ලා ඇති බෝයා පේලිය
ගගල් වීදිය
- දැලේ යටි කෙළවරේ එල්ලා ඇති ගල් පේලිය
පාඩුව
- දැල එළීම සහ ඇදීමකරන ප්‍රදේශය
වෙල්ලප්පුව
- උදේ වරැවේ දැල එළා අදිනු ලබන ප්‍රදේශය
සෙන්හල් ඇදිල්ල
- සවස දැල් ඇදීම
හම්බාව / අම්බාව
- දැල් ඇදීමේදී ගයන ගායනය
ඉඳිකොළ තොප්පිය
- අව්වෙන් වැස්සෙන් ආරක්ෂා වීමට ධීවරයන් භාවිතා කරන හිස්වැස්ම
















ලන්සුකාරයා
- ධීවරයින්ගේ මාළු වෙන්දේසි කරන්නා
රේන්ද කාරයා
- මසුන් වෙන්දේසි කරන්නා
රැවුල් කපන්නා
- නොමිලේ මාළු අල්ලන්නා
ඩිවොස් කාරයා
- ඔරුවේ යන්නා
කොඩුකාරයා
- මුහුදු යන නවකයා
කෙවුලා
- මසුන් මරන්නා
පාරු විදානේ
- ඔරු පාරු පරික්ෂා කරන්නා
පන්නකාරයා
- මසුන් අල්ලන්නාගේ උදව්කරු
මරක්කලගේ 
- ධීවර යාත්‍රාවේ ප්‍රධානියා
ඇනියේ මරක්කලගේ
- ඔරුවේ ඉදිරිපස ප්‍රධානියා
අවරේ මරක්කලගේ
- ඔරුවේ පසුපස ප්‍රධානියා
අම්බාවෝ
- දැල අදින පිරිස
හැන්නදිරාල
- ඔරුවේ අයිතිකාරයා
මංඩියා
- දැල් එලන කණ්ඩායමේ නායකයා








දියමහ
- තෝරා
තල්අතුකාරයා
- තලපත්
වට්ටිකාරයා
- මඩුවා
පුලුන්නා
- කටිල්ලා
ආමි
- කැස්බෑවා
අයකාරයා / බඩසුද්දා
- මෝරා
ජාකොල්ලෝ
- කෙලවල්ලන්
මේෂකාරයා / පාඩියා
- දැල්ලා
කිරිබන්ඩා
- සූඩයන්
මුල්ලා
- ඩොල්ෆින්
ඇම්මාළු
- කුඩා කූරයන්

0 comments:

Post a Comment

Copyright © 2015 Curious NEWS Primary - All Right Reserved
Designed by - Curious Members -
Back To Top