Highlights
Loading...

හේන් ගොවිතැන් බස් වහර






අක්වැස්ස
- දිගු නිය‍්‍ඟය නිමා කරමින් ලැබෙන මුල්ම වැස්ස
ඇල් මණ්ඩිය
- හේනේ වී වගාකළ කොටස
ඉරිවැලි හේන
- චතුරස්‍රාකාර බිම් කොටසක් කුඩා චතුරස්‍රාකාර බිම් කොටස් වලට බෙදූ හේන් සමූහය
කනත්ත
- අත්හැර දැමූ හේන
කනුමදු
- අළුතින් පුළුස්සා සකස් කළ හේනේ නොපිළිස්සී ඉතිරි වූ කොටස්
කරල් ගෙය
- අව්වෙන් වැස්සෙන් ආරක්ෂාවීමට තැනූ කුඩා මඩුව
කුරුළු පාළුව
- කුරුල්ලන් සඳහා වෙන් කළ හේනේ කොටස
කොරවෑ වීම
- ගිනි තැබූ හේන කොටසක් නොපිලිස්සී ඉතිරිවීම
ගස් පැල
- විශාල ගසක් උඩ සාදන මඩුව
ගිනි බෝකර ගැනීම
- ගින්දර අවුළුවා ගැනීම
ගිනි ලෑම
- ගිනි තැබීම
ද‍ඞු වැට
- හේනේ ආරක්ෂාවට දැව කඳන් යොදා සෑදූ වැට
නවදැලි හේන
- අළුතින් පුළුස්සා සකස් කළ හේන
පැඟිරි කිරීම
- ද‍‍ඞු වැටට ඔබ්බෙන් ඇති ගස්වල අතු ඉති කපා දැමිම
පුරුවීම
- කැපූ වල් අව්වට වියලී යාම
පො කිරීම
- පහසුවෙන් දැවිය හැකි සේ කැපූ ගස් වල අතු ඉති කපා දැමීම
බඩතැල්ල කැපීම
- ගසක කඳක පැත්තකින් තකාටසක් කපා දැමීම
බිම්මල් කැපීම
- වල් කෙටීම ආරම්භ කිරීම
මැල් කූඩුව
- ගිනිගැනීම පහසු කිරීමට එක්කරන පරඩැල් කොළරොඩු වැනි දේ
මුල් ගහනවා
- වල් ගස් කපනවා
මුල්කැටා හේන
- එක කේන්ද්‍රයක සිට පිටතට විහිදී යන රේඛා ඔස්සේ බෙදා ඇති සාමූබිකව එකතු වී කොටන හේන් සමූහයක්
මුලා ගැසීම
- ඉතුරු වූ ඉපල් එකතු කර ගිනි තැබීම
ලබු කට්ට
- වතුර ගෙන යාමට ලබු ගෙඩියෙන් සාදා ගන්නා භාජනයකි
වල් ඇල්ලීම
- භෝග සඳහා තෝරාගත් බිම් කොටස එළි පෙහෙලි කිරීම
වල් කැත්ත
- වල් කෙටීමට භාවිතා කරන කැත්ත
වාම් පතුල්
- මී හරකාගේ සමින් සෑදූ පාවහන්
සකලයන්ට ඕ ගානවා
- කුරුල්ලන් එළවනවා
හුළං පෑදීම
- සුළං හැමීම
හුළු
- හේනට සතුන් පැමිනීම වැලැක්වීමට හේන වටා ඇති කොළරොඩු වලට ගිනි තැබීම 
හේන් උලාකෑම
- හේනේ විශාල ගස් කපා දැමීම

















0 comments:

Post a Comment

Copyright © 2015 Curious NEWS Primary - All Right Reserved
Designed by - Curious Members -
Back To Top