වැදි ජන වහර
අප්පිලැත්තො | - | පියා | |
අම්මිලැත්තො | - | මව | |
කිරිඅම්මිලැත්තෝ | - | ආච්චි | |
මුත්තලැත්තො | - | සීයා | |
මාමිලැත්තො | - | මාමා | |
නැන්දිලැත්තො | - | නැන්දා | |
නෑනිලැත්තො | - | නෑනා | |
මචනලැත්තො | - | මස්සිනා | |
තුන්වැලැත්තො | - | මුනුපුරා | |
මිනිග්ගජ්ජු | - | මිනිසා | |
කැකුළා | - | පිරිමි ළමයා | |
කැකුළි | - | ගැහැනු ළමයා | |
ඉකන්දාරියා | - | තරුණයා | |
ළමිස්සි | - | තරුණිය | |
හූරා | - | මහත්තයා | |
දිසාකාරී හුරා | - | දිසාපති | |
මේ ඇත්තො | - | තමන්ව හඳුන්වා දීම | |
දෙබැදකාරයලැත්තො | - | දමිළයන් | |
කලුකොනම් වටලපු හූරා | - | පොලිස් නිලධාරියා | |
පයිණ්ඩකාරී හුරා | - | ග්රාමසේවක නිලධාරී | |
අකුරුපොජ්ජ උගන්නන හුරා | - | ගුරුවරයා | |
බුද්දල ඇත්තො | - | බුදුහාමුදුරුවෝ | |
කපුවලැත්තො | - | හාමුදුරුවෝ | |
ගල් මද | - | හුනු | |
ගයිගැට | - | පුවක් | |
වේවා කොළ | - | දුම්කොළ | |
පැඟිරා කොළ | - | බුලත් | |
පැඟිරි ගෙජ්ජ | - | දෙහි | |
දෙපමුල්ලත්තන | - | වී, හාල්, බත් | |
බිත්තරතෙන | - | බිත්තර | |
වන්නි කුඩු | - | කුරහන් පිටි | |
වන්නි කැට | - | තලප | |
කිරිගෙජ්ජ | - | පොල් | |
පැනි ඇට පෙජ්ජ | - | සීනි | |
හයෙ කරගත් කරල් පෙජ්ජ | - | ඉරිඟු | |
සමන්නනවා | - | සමතලා තරනවා | |
කතාදමනවා | - | කතා කරනවා | |
කැලෑ පොජ්ජපටෑරගෙන | - | කැලේ පීරාගෙන | |
කැවිල්ලනවා | - | කනවා, බොනවා | |
කරුකරුගච්චනවා | - | ලියනවා | |
පටාරීනවා | - | හාරනවා | |
පුච්චාකඩනවා | - | වෙඩි තියනවා | |
පිරිමහනවා | - | අරපිරිමැස්මෙන් වැඩ කරනවා | |
මියඹටදමදවා | - | මැරනවා | |
ඔබා දමනවා | - | නටනවා | |
මංගච්චනවා | - | යනවා | |
ඇන්න මංගච්චනවා | - | අරන් යනවා | |
ඇනඋකාලනවා | - | දෙනවා | |
හිත් පොජ්ජට මන්දො වෙනවා | - | හිතෙනවා | |
ගැට මන්දා | - | කිඹුලා | |
කරියා | - | වලහා | |
ජිය මච්චි | - | මාළුවා | |
පිලපොත්තා | - | කබල්ලෑවා | |
ගොන් මඤ්ඤා | - | එළහරකා | |
මී මඤ්ඤා | - | මී හරකා | |
පොල්ලැච්චා | - | කොටියා | |
මීයලැත්තො | - | මීයා | |
බොටකඳාලැත්තො | - | ගෝනා | |
චප්පිලැත්තො | - | කුරුල්ලා | |
හොච්චදික්කා/ හොටබරියා- | - | ඌරා | |
එළුමඤ්ඤා | - | එළුවා | |
මච්චිලැත්තො | - | මැස්සා | |
හොමවලු මඤ්ඤා | - | අශ්වයා | |
පන්නියලැත්තො | - | පණුවා | |
මකුණලැත්තො | - | මකුණා | |
කටුකැච්චා | - | ඉත්තෑවා | |
කබරා | - | මුවා | |
මූකරයා | - | වඳුරා | |
මුංචි | - | තලගොයා | |
ගල් රුකුල් පොජ්ජ | - | ගල් ගුහාව | |
කොළොම් පෝරුගම් පොජ්ජ- | - | කොළඹ | |
හේම් පොජ්ජ | - | හේන | |
සාසන පොජ්ජ | - | පන්සල | |
වැව් පොජ්ජ | - | වැව | |
කැලෑ පොජ්ජ | - | වනාන්තරය | |
දඹාන පෝරුගම් පොජ්ජ | - | දඹාන | |
රුකුල් පොජ්ජ | - | ගෙය | |
ගල් රැක්කි | - | පොරොව | |
තඹපෝරු | - | තඹ සල්ලි | |
පෙට්ටි පාජ්ජ් | - | පෙට්ටිය | |
වේලා පොජ්ජ මන්දොවන යමෙක | - | ඔරලෝසුව | |
මෙරියන් කැච්ච | - | ඊතලය | |
කරුකරු ගච්චන යමෙක | - | පෑන | |
පුච්චා කඩන යමෙක | - | තුවක්කුව | |
දඬුකැච්ච | - | වාහනය | |
එළි පොජ්ජ මන්දොවන යමෙක- | - | විදුලි පන්දම | |
මලාලීය | - | දුන්න | |
මාදිය ගා ඇල්ලෙ දඬුකැච්ච | - | නැව | |
උඩකනින් මංගච්චන දඬුකැච්ච | - | ගුවන්යානය |
0 comments:
Post a Comment