Highlights
Loading...

  • Events
  • Sports
  • Songs
  • Hide and See

<i></i>



Recent News

'ක්ලෝගාඩ්' දත් කුහර වලින් තොර රටවැසියන් පිරිසක් බිහිකිරීමේ ජාතික වගකීම ඉටුකිරීම වෙනුවෙන් පෙරමුණට .....

'ක්ලෝගාඩ්' දත් කුහර වලින් තොර රටවැසියන් පිරිසක් බිහිකිරීමේ ජාතික වගකීම ඉටුකිරීම වෙනුවෙන් පෙරමුණට .....


2014 අගෝස්තු මස 6 වෙනිදා - මුඛ සෞඛ්‍යාරක්ෂක නිෂ්පාදනයක් ලෙසින් මෙරට ජනතාවගේ විශ්වාසය දිනාගත් ක්ලෝගාඩ් දත් කුහර වලින් තොර රටවැසියන් පිරිසක් බිහිකිරීමේ ජාතික වගකීම ඉටුකිරීම වෙනුවෙන් පෙරමුණ ගෙන ඇත.



ශ්‍රී ලංකාවේ සීග්‍ර ව්‍යාප්තියක් ඇති මුඛ සෞඛ්‍ය ගැටළු අතර වැඩි වශයෙන් දක්නට ලැබෙන දත් කුහර සඳහා පිලියම් ලෙසින් යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු සමඟින් දන්ත රෝග වලින් ආරක්ෂා වීම සඳහා පාසල් හා පෙර පාසල් දරුවන් දැනුවත් කිරීම ක්ලෝගාඩ් විසින් දියත් කරන මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණයි. 


එම අරමුණ පෙරදැරි කෙටගෙන,ලාංකීය ජනතාවගේ මුඛ සෞඛ්‍ය අවශ්‍යතා මනාව හඳුනාගත් ශ්‍රී ලාංකීය මුඛ සෞඛ්‍යාරක්ෂක සන්නාමයක් ලෙස 'ක්ලෝගාඩ්' ලාංකීය අනාගත පරපුර දැනුවත් කීරීම සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වී ඇත.


2016 වර්ශය තුළදී පාසල් හා පෙර පාසල් ගණනාවක් මෙම වැඩසටහන සමඟ අත්වැල් බැඳගෙන ඇති අතර එම වැඩසටහනෙහි තවත් පියවරක් ලෙස ජුනි මස 25 වන දින හෝමාගම, හබරකඩ, හබරකඩ කනිටු විද්‍යාලයේ සිසු දරුවන් මූලික කොට ගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.


සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම වාර්ථා අනුව පාසල් ළමුන්ගෙන් 50% ක් මුඛ රෝග වලින් පෙළෙන අතර, ඔවුන්ගෙන් 60% ක් අවුරුදු 5 ත් 6 ත් වයස් කාණ්ඩ නියෝජනය කරයි. අවුරුදු 15 - 18 අතර වයස් කාණ්ඩ වල බොහෝ පාසල් දරුවන් දත් දිරායාමේ හා විදුරුමස් රෝග වලින් පෙලේ.


මෙම තත්වයට ප්‍රධාන හේතුව ලෙස සොයාගෙන ඇත්තේ පාසල් හා පෙර පාසල් දරුවන් අධික හා අක්‍රමවත් ලෙස සීනි සහිත ආහාර පාන පරිභෝජනය කිරීම සහ නිවැරදි දත් මැදීමේ ක්‍රමවේදයන් අනුගමනය නොකිරීමයි.

මෙයට පිළියමක් ලෙස ක්ලෝගාඩ් වෙතින් පාසල් දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ක්ලෝගාඩ් ජංගම දන්ත සායන මධ්‍යස්ථාන උපයෝගී කොටගෙන දරුවන්ගේ දත් පරීක්ෂාවට ලක්කිරීම සිදුකරයි.

සෞඛ්‍ය අංශ පෙනවා දෙන අන්දමට දත් කුහර මුල් අවදියේදී හඳුනා ගනිමින් එයට පිළියම් යෙදීමෙන් එය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමත්, දැනුවත් කිරීම් තුළින් දත් කුහර සෑදීම වළක්වා ගැනීමෙනුත් ශ්‍රී ලාංකීය අනාගත පරපුර දන්ත රෝග වලින් තොර රටක් බවට පත්කර ගතහැක. එම සමාජමය වගකීමට උරදීමක් ලෙසට අංක 1 ලාංකේය දන්තාරක්ෂකයා වන ක්ලෝගාඩ් මූලික වී මෙම දීපව්‍යාප්ත වැඩසටහන කරගන යනු ලබයි.   













හේන් ගොවිතැන් බස් වහර

හේන් ගොවිතැන් බස් වහර






අක්වැස්ස
- දිගු නිය‍්‍ඟය නිමා කරමින් ලැබෙන මුල්ම වැස්ස
ඇල් මණ්ඩිය
- හේනේ වී වගාකළ කොටස
ඉරිවැලි හේන
- චතුරස්‍රාකාර බිම් කොටසක් කුඩා චතුරස්‍රාකාර බිම් කොටස් වලට බෙදූ හේන් සමූහය
කනත්ත
- අත්හැර දැමූ හේන
කනුමදු
- අළුතින් පුළුස්සා සකස් කළ හේනේ නොපිළිස්සී ඉතිරි වූ කොටස්
කරල් ගෙය
- අව්වෙන් වැස්සෙන් ආරක්ෂාවීමට තැනූ කුඩා මඩුව
කුරුළු පාළුව
- කුරුල්ලන් සඳහා වෙන් කළ හේනේ කොටස
කොරවෑ වීම
- ගිනි තැබූ හේන කොටසක් නොපිලිස්සී ඉතිරිවීම
ගස් පැල
- විශාල ගසක් උඩ සාදන මඩුව
ගිනි බෝකර ගැනීම
- ගින්දර අවුළුවා ගැනීම
ගිනි ලෑම
- ගිනි තැබීම
ද‍ඞු වැට
- හේනේ ආරක්ෂාවට දැව කඳන් යොදා සෑදූ වැට
නවදැලි හේන
- අළුතින් පුළුස්සා සකස් කළ හේන
පැඟිරි කිරීම
- ද‍‍ඞු වැටට ඔබ්බෙන් ඇති ගස්වල අතු ඉති කපා දැමිම
පුරුවීම
- කැපූ වල් අව්වට වියලී යාම
පො කිරීම
- පහසුවෙන් දැවිය හැකි සේ කැපූ ගස් වල අතු ඉති කපා දැමීම
බඩතැල්ල කැපීම
- ගසක කඳක පැත්තකින් තකාටසක් කපා දැමීම
බිම්මල් කැපීම
- වල් කෙටීම ආරම්භ කිරීම
මැල් කූඩුව
- ගිනිගැනීම පහසු කිරීමට එක්කරන පරඩැල් කොළරොඩු වැනි දේ
මුල් ගහනවා
- වල් ගස් කපනවා
මුල්කැටා හේන
- එක කේන්ද්‍රයක සිට පිටතට විහිදී යන රේඛා ඔස්සේ බෙදා ඇති සාමූබිකව එකතු වී කොටන හේන් සමූහයක්
මුලා ගැසීම
- ඉතුරු වූ ඉපල් එකතු කර ගිනි තැබීම
ලබු කට්ට
- වතුර ගෙන යාමට ලබු ගෙඩියෙන් සාදා ගන්නා භාජනයකි
වල් ඇල්ලීම
- භෝග සඳහා තෝරාගත් බිම් කොටස එළි පෙහෙලි කිරීම
වල් කැත්ත
- වල් කෙටීමට භාවිතා කරන කැත්ත
වාම් පතුල්
- මී හරකාගේ සමින් සෑදූ පාවහන්
සකලයන්ට ඕ ගානවා
- කුරුල්ලන් එළවනවා
හුළං පෑදීම
- සුළං හැමීම
හුළු
- හේනට සතුන් පැමිනීම වැලැක්වීමට හේන වටා ඇති කොළරොඩු වලට ගිනි තැබීම 
හේන් උලාකෑම
- හේනේ විශාල ගස් කපා දැමීම

















වැදි ජන වහර

වැදි ජන වහර



අප්පිලැත්තො
- පියා
අම්මිලැත්තො
- මව
කිරිඅම්මිලැත්තෝ
- ආච්චි
මුත්තලැත්තො
- සීයා
මාමිලැත්තො
- මාමා
නැන්දිලැත්තො
- නැන්දා
නෑනිලැත්තො
- නෑනා
මචනලැත්තො
- මස්සිනා
තුන්වැලැත්තො
- මුනුපුරා
මිනිග්ගජ්ජු
- මිනිසා
කැකුළා
- පිරිමි ළමයා
කැකුළි
- ගැහැනු ළමයා
ඉකන්දාරියා
- තරුණයා
ළමිස්සි
- තරුණිය
හූරා
- මහත්තයා
දිසාකාරී හුරා
- දිසාපති
මේ ඇත්තො
- තමන්ව හඳුන්වා දීම
දෙබැදකාරයලැත්තො
- දමිළයන්
කලුකොනම් වටලපු හූරා
- පොලිස් නිලධාරියා
පයිණ්ඩකාරී හුරා
- ග්‍රාමසේවක නිලධාරී
අකුරුපොජ්ජ උගන්නන හුරා - ගුරුවරයා
බුද්දල ඇත්තො
- බුදුහාමුදුරුවෝ
කපුවලැත්තො
- හාමුදුරුවෝ




ගල් මද
- හුනු
ගයිගැට
- පුවක්
වේවා කොළ
- දුම්කොළ
පැඟිරා කොළ
- බුලත්
පැඟිරි ගෙජ්ජ
- දෙහි
දෙපමුල්ලත්තන
- වී, හාල්, බත්
බිත්තරතෙන
- බිත්තර
වන්නි කුඩු
- කුරහන් පිටි
වන්නි කැට
- තලප
කිරිගෙජ්ජ
- පොල්
පැනි ඇට පෙජ්ජ
- සීනි
හයෙ කරගත් කරල් පෙජ්ජ - ඉරිඟු




සමන්නනවා
- සමතලා තරනවා
කතාදමනවා
- කතා කරනවා
කැලෑ පොජ්ජපටෑරගෙන
- කැලේ පීරාගෙන
කැවිල්ලනවා
- කනවා, බොනවා
කරුකරුගච්චනවා
- ලියනවා
පටාරීනවා
- හාරනවා
පුච්චාකඩනවා
- වෙඩි තියනවා
පිරිමහනවා
- අරපිරිමැස්මෙන් වැඩ කරනවා
මියඹටදමදවා
- මැරනවා
ඔබා දමනවා
- නටනවා
මංගච්චනවා
- යනවා
ඇන්න මංගච්චනවා
- අරන් යනවා
ඇනඋකාලනවා
- දෙනවා
හිත් පොජ්ජට මන්දො වෙනවා - හිතෙනවා




ගැට මන්දා
- කිඹුලා
කරියා
- වලහා
ජිය මච්චි
- මාළුවා
පිලපොත්තා
- කබල්ලෑවා
ගොන් මඤ්ඤා
- එළහරකා
මී මඤ්ඤා
- මී හරකා
පොල්ලැච්චා
- කොටියා
මීයලැත්තො
- මීයා
බොටකඳාලැත්තො
- ගෝනා
චප්පිලැත්තො
- කුරුල්ලා
හොච්චදික්කා/ හොටබරියා- - ඌරා
එළුමඤ්ඤා
- එළුවා
මච්චිලැත්තො
- මැස්සා
හොමවලු මඤ්ඤා
- අශ්වයා
පන්නියලැත්තො
- පණුවා
මකුණලැත්තො
- මකුණා
කටුකැච්චා
- ඉත්තෑවා
කබරා
- මුවා
මූකරයා
- වඳුරා
මුංචි
- තලගොයා




ගල් රුකුල් පොජ්ජ
- ගල් ගුහාව
කොළොම් පෝරුගම් පොජ්ජ- - කොළඹ
හේම් පොජ්ජ
- හේන
සාසන පොජ්ජ
- පන්සල
වැව් පොජ්ජ
- වැව
කැලෑ පොජ්ජ
- වනාන්තරය
දඹාන පෝරුගම් පොජ්ජ
- දඹාන
රුකුල් පොජ්ජ
- ගෙය




ගල් රැක්කි
- පොරොව
තඹපෝරු
- තඹ සල්ලි
පෙට්ටි පාජ්ජ්‍
- පෙට්ටිය
වේලා පොජ්ජ මන්දොවන යමෙක - ඔරලෝසුව
මෙරියන් කැච්ච
- ඊතලය
කරුකරු ගච්චන යමෙක
- පෑන
පුච්චා කඩන යමෙක
- තුවක්කුව
දඬුකැච්ච
- වාහනය
එළි පොජ්ජ මන්දොවන යමෙක- - විදුලි පන්දම
මලාලීය
- දුන්න
මාදිය ගා ඇල්ලෙ දඬුකැච්ච - නැව
උඩකනින් මංගච්චන දඬුකැච්ච - ගුවන්යානය











 කමත් බස් වහර

කමත් බස් වහර






අඬන්නා
- කුකුළා
අ‍‍ඳේ
- කුඹුරු හිමියාට වෙන් කරන වී කොටස
අම්බරුවන්
- ගොනුන්
අරක් පෙට්ටිය
- කමත මැද නිදන් වස්තු තැන්පත් කරන ස්ථානයේ තැම්පත් කරන  ද්‍රව්‍ය දමා තබන පට්ටිය
අරක් බෙල්ලා
- කමත මැද නිදන් වස්තු තැන්පත් කරන ස්ථානයේ තබන කටු සහිත බෙල්ලා
අරක් මුත්තා
- කමත මැද නිදන් වස්තු තැන්පත් කරන ස්ථානයේ තබන ගෝලාකාර ගල හෝ පොල් ගෙඩිය
අරක් වස්තු
- කමත මැද නිදන් වස්තු තැන්පත් කරන ස්ථානයේ තැම්පත් කරන  ද්‍රව්‍ය
අරක් වළ
- කමත මැද නිදන් වස්තු තැන්පත් කරන ස්ථානය
අස්වැද්දීම
- කුඹුර සැකසීම
අස්වැන්න
- ඵලදාව
අළුහන් වැඩීම
- කමතේ අළු වලින් යන්ත්‍රයක් ඇඳීම
ඇඹුල / මුත්තෙට්ටුව
- කමතට ගෙකනන ආහාර
ඉපනැල්ල
- ගොයම් කැපූ පසු වී ගහේ ඉතිරි කොටස
උප්පිඩ
- ගොයම් කපන විට අතට ගන්නා ප්‍රමාණය
උහන් ගෙඩිය
- කමතට ගෙන ආ වංගෙඩිය
ක‍ඳු බානවා
- අම්බරුවන් ගැට ගැසීම
කමත
- ගොයම් පෑගීමට සැකසූ භූමිය
කමත ඇඹීම
- ගොම ගා මැටිමිශ්‍රකර කමත් භූමියේ ගෑම
කමත් ගහනවා
- මැඩීමට ඇති ගොයම් කමතට දැමීම
කයිය
- ශ්‍රමදානයක් ලෙස උදව් කිරීම
කාටුව
- පිදුරු කෑලි සහ කුඩු
කැටවැලි
- කමතෙ ඇති වැලි සහිත වී
කෙවිට
- ගොනුන් දැක්කීමට භාවිතා කරන කෝටුව
කොත් කිරීම
- හරකුන් කමතට මුදුන් කිරීම
කොළ ගොන් ගැසීම
- කමත් මැද ගොනුන් දැක්කීම
කොළ මවිනවා
- ගොයම් පාගනවා
කොළදින් වැඩ
- ගොයම් කැපීම හා අස් කිරීමේ වැඩ
ගඟුල කරනවා
- වතුර බොනවා
ගඟුල බානවා
- වහිනවා
ගරන්නා 
- වී හුලං කරන්නා
ගැගුරන් බානවා
- අම්බරුවන් මුත්‍රා කිරීම
ගැරීම
- වී හුලං කිරීම
ගොන් කාරයා
- ගොනුන් දක්කන්නා
ගොම්පස්
- ගොම
ගොම්පස් රාජකාරිය
- ගොම කමතට නොවැටෙන සේ පිදුරු අණ්ඩියට වැටීමට සලස්වා එය කමතෙන් පිටතට ගෙනගොස් දැමීම
ගොම්මොලකඩ
- කමතේ දිය බැස යාමට කපන කානුව
ගොයම් කොලය
- කපාගත් ගොයම් රවුමට උසට ඇසිරීම
ගොයියා
- වී ගොවේ සඟවන පිදුරු බෝලය
දැඩියා බානවා
- අව්ව පායනවා
නඩලං කෙලීම
- නිකරුනේ දුවපැන සෙල්ලම් කිරීම
නියර
- කුඹුරේ ගමන් කිරීමට උසට ඇති බැම්ම
පතුබරියා
- අලියා
පැල
- කමතේ ඇති මඩුව
පැහැයියා
- සහල්
පිට කමත් කිරීම
- හරකුන් කමතෙන් පිට කිරීම
පුරන්වීම
- වගා කිරීම අතහැර දැමීම
පුරවන්න
- ගෝනිය
බඩ කන්ද
- වී ගාඩෙහි තිබෙන බොල් කොටස
බැත
- වී
බැත අතුර
- වේලෙන්නට දමා ඇති තෙත‍් වූ වී
බිත්තර වී
- පැළ කිරීමට ගන්නා වී
බිස්ස
- වී ගබඩා කරන ස්ථානය
බොල කැපීම
- බොල් ඉවත් කිරීම
බෝමුර ඇදීම
- කමත සූදානම් කිරීම
බෝල් තැබීම
- කමත ශුද්ධ පවිත‍්‍ර කිරීම
බෝලත්ත
- කමත ශුද්ධ පවිත‍්‍ර කිරීමට භාවිතා කරන උපකරනය
මැඩුවන්
- පිදුරු
මැඬුන්  බෑම
- පිදුරු කමතෙන් පිටතට ගෙන යාම
මෝලකඩ
- කමතට ඇතුළුවන පාර
මෝල්හාබෑම
- කමතේදී වී කෙටීම
යකුන්දාව
- අළු
යතුර
- බුත හුලං කිරීමට භාවිතා කරන කුල්ල
යාල්ලනවා
- වළාකුළු වලින් වැසී විටින් විට ලැබෙන ම‍්‍ඳ අවුව
යාල්ලීම
- වී මැනීම
රත්තා 
- ගින්දර
රත්තා බෝ කිරීම
- ගිනි ඇවිලීම
රාහි කරනවා
- වී ඇට එකතු කරනවා
ලියද්ද
- නියරක් වටවූ බිම් ප්‍රමාණය
ලියන්නෝ
- වේයන් මතුවෙනවා
වපසරිය
- වපුරන භෑමි ප්‍රමාණය
වලහන්
- ගොයම් වැඩට උදව් වූ අයට කුලිය ලෙස දෙන වී ප්‍රමිණය
වෙනිය
- පිදුරැ අඹරා සකස් කර ගත් ලණුව
සේදැරි කරනවා
- වැඩ ඉක්මන් කරනවා
හී වැල
- නගුලෙන් හෑරැනු ඉර
හුවන්දිරම්
- වෙල් මුලාදෑනිට දෙන වී බද්ද
හෙයියන්
- ගවයන්












ඇඹුල / මුත්තෙට්ටුව
- කමතට ගෙනෙනෙ ආහාර
ඇඹුල පේකරනවා
- කමතේදී ආහාර බෙදනවා
කහට ගෙඩි
- කෙසෙල් ගෙඩි
කහටපන් ගෙඩි
- කුරුම්බා
කහටවා
- පුවක්
කළු ගගුල
- කෝපි
කිරි කඩලු
- ආප්ප
කිරි ගෙඩි
- බතල
පම්බරුවන් රැකෙනවා
- බත් කනවා
පුබ්බරු
- බත්
බෝයක්
- විටක් කනවා
මිහිරියබෝය
- පැනි
රත් කදලපූය
- කැවුම්
රතු ගගුල
- තේ
රසබෝය
- හකුරු
රොඩු කොළ
- දුම් කොළ
සප්පායම් වෙනවා
- ආහාර ගන්නවා
සුදුවා
- හුනු


-


-
අතලය
- කුඩා කළය
උකුනු දැත්ත
- පිදුරු ගස් පාදාගන්නා රිට
කටුමාන
- කාටුව එකතු කිරීමට යොදා ගන්නා උපකරන
කරත්ත මල්ල
- වී දමන විශාල මල්ල
කල්පන්න
- මෙවලම් බහවත් උපකරන
කුඩිල්ල
- කමතේ වැඩ කරන විට සිටීමට හදන පැල
කුඹල් ගෙඩිය
- කළය
කොටන්නාව
- උදැල්ල
පට මල්ල
- කට පළල් උපින් අඩු පං මල්ල
පුරවන්න
- ගෝනිය
පෝරැව
- මව තුනීකිරීමට ගන්නා මිටක් ගැසූ ලෑල්ල
බිංලියන්නාව
- නගුල
බූරැවා
- වී හුලං කරන අට්ටාලය
මාගල
- පයින් ගොයම් පෑගීමට එළන පැදුර
යතුර
- වී හුලං කිරීමට ගන්නා කුල්ල
ලාහ
- වී මනින උපකරනය
ලියන්නාව
- දෑකැත්ත
වැල්මාන
- කූඩය
සේරිකාව
- වී මැනීමට ගන්නා සේරැ දෙකක සිලින්ඩරාකාර භාජනය






-
අ‍ඳකාරයා
- අනුන්ගේ කුඹුරක් වගා කරන පුද්ගලයා
කලවිට කංකානම්
- කුඹුරේ අයිතිකරු විසින් ගොයම් පාගන දිනයේ දී කුඹුරට එවන පුද්ගලයා
ගම් කාරයා
- කුඹුරේ අයිතිකරු
ගොයි ඇඹී 
- ගෙවිලිය
ගොයියා
- කුඹුර වගා කරන්නා
යාල්ලන්නා
- වී මනින්නා
වෙල් විදානේ
- වෙල් මුලාදෑනියා
Copyright © 2015 Curious NEWS Primary - All Right Reserved
Designed by - Curious Members -
Back To Top